Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න / රෝද පුටුවේ සිටි 91 හැවිරිදි කතගේ ගෙල සිරකර මැරීමට තැත්කළ අයට බරපතළ සිරදඬුවම්; නඩු විභාගය වනවිට පැමිණිලිකාරිය මියගිහින්!

රෝද පුටුවේ සිටි 91 හැවිරිදි කතගේ ගෙල සිරකර මැරීමට තැත්කළ අයට බරපතළ සිරදඬුවම්; නඩු විභාගය වනවිට පැමිණිලිකාරිය මියගිහින්!

ගිලන්ව (රෝගීව) පසුවීම නිසා තම වයෝවෘද්ධ ජීවිතය රෝද පුටුවේ ගත කළ 91 වැනි වියෙහි පසුවූ විවාහක කතකගේ ගෙල ලණුවකින් සිරකර මරා දැමීමට තැත්කළ 30 හැවිරිදි විත්තිකරුවකුට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් වසර 5 කට අත්හිටුවූ බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිරදඬුවම් සහ රුපියල් 52,500 ක දඩ නියම කරන ලදී.

විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රීමාල් අමරසිංහ මහතා මගින් වරද පිළිගත් විත්තිකරු වූයේ මීගමුව බෝලවලාන ජනජයගම අංක. 119 හි පදිංචි පී. මිතුන් තාරක නමැති විවාහකයෙකි.

2012 දෙසැම්බර් මස 12 වැනි දින මීගමුව තලාදුව පාවුළු මාවතේ පදිංචිව සිටි මේරි මැන්සලීන් බස්‌නායක නමැත්තියගේ ගෙල ලණුවකින් සිරකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විත්තිකරු අධි චෝදනා ලැබ තිබිණි. නඩුව විභාගයට ගනු ලැබූ අවස්‌ථාව වනවිට මෙහි පැමිණිලිකාරිය මියගොස්‌ තිබිණි. නඩු විභාගය ආරම්භයේදීම විත්තිකරු විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රීමාල් අමරසිංහ මහතා මගින් වරද පිළිගන්නා ලදී. රජයේ අධිනීතිඥ පද්මාල් වීරසිංහ ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙය විය. මීගමුව පොලිසියේ සැරයන් (30614) වසන්ත කුමාර මහතා පැමිණිල්ලට සහාය විය.

About EtheraTV2018

Check Also

යාපනය පුරාවට COVID-19 වසංගතය බෙදා හැරියේ මෙහෙමයි! (Video)

ස්විට්සර්ලන්තයේ සිට පැමිණි ෆාස්ටර් වරයෙකු වන ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ  ආගමික …

කොරෝනා නිසා කුඩු හිඟ වී අනුරාධපුර සිරගෙය යුද පිටියක් වෙයි

fShare කොරෝනා වෛරසය ව්‍යාප්තවනු ඇති බවට අනිසි බියක් පළ කරමින් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ …