Home / ETHERA TV PROGRAMMES / ජනපති ලේකම්ගේ වැටුපත් අඩකින් අඩුවේ….උපදේශක පඩි නොලබා වැඩ

ජනපති ලේකම්ගේ වැටුපත් අඩකින් අඩුවේ….උපදේශක පඩි නොලබා වැඩ

ජනපති ලේකම්ගේ වැටුපත් අඩකින් අඩුවේ….උපදේශක පඩි නොලබා වැඩ

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය තනතුරට හිමි වැටපු හා වරප්‍රසාද අඩකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවනවා.

ජනාධිපති ලේකම් තනතුරට අදාල වැටුප් හා දීමනා සියල්ලේ එකතුව රුපියල් ලක්ෂ හතර හමාරක් (450,000) පමන වනවා.

මීට අමතරව ජනාධිපති ලේකම්වරයාට නිළ වාහන 04 ක් හා නිළ නිවාසයකටද හිමිකම් කීමට හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් පී.බී. ජයසුන්දර මහතා සිය වැඩුපෙන් අඩක්ම කපා හැරීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුම් අංශය ද දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ජනාධිපති ලේකම්වරයාට හිමි නිල වාහන හතරෙන් එකක් පමණක් භාවිතා කිරීමට ඔහු තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම නිල නිවාසය ද ප්‍රතික්ෂේප කරන බව දන්වා ඇති බවයි වාර්තාවන්නේ.

මීට අමතරව හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම, වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කරන ලලිත් වීරතුංග මහතා ද කිසිදු වැටුපක් හෝ වරප්‍රසාදයක් නොලබා ස්වෙච්ඡාවෙන් සේවය කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

About EtheraTV2018

Check Also

අපි අපිම ස්වයං….නීරෝධානයට යොමු වෙමු …

මිලානෝ නගර සභාවට අපේම කෙනෙක්… දිනවමු…ඔබට ජය…. ජයම වේවා …එක්ව ජයගනිමු ….