Home / ETHERA TV PROGRAMMES / මින් ඉදිරියට රාජ්‍ය සේවකයන්ට වැටුපට අමතරව කිසිවක් බෑ; රාජකාරිය වෙනුවෙන් කිසිවෙක් දෙන තෑගි බෝග පිළිගන්න එපා ;ජනපති අණින් රාජ්‍ය ආයතන දැනුවත් කරයි

මින් ඉදිරියට රාජ්‍ය සේවකයන්ට වැටුපට අමතරව කිසිවක් බෑ; රාජකාරිය වෙනුවෙන් කිසිවෙක් දෙන තෑගි බෝග පිළිගන්න එපා ;ජනපති අණින් රාජ්‍ය ආයතන දැනුවත් කරයි

මින් ඉදිරියට රාජ්‍ය සේවකයන්ට වැටුපට අමතරව කිසිවක් බෑ; රාජකාරිය වෙනුවෙන් කිසිවෙක් දෙන තෑගි බෝග පිළිගන්න එපා ;ජනපති අණින් රාජ්‍ය ආයතන දැනුවත් කරයි…

රාජකාරිය වෙනුවෙන් සේවයට සරිලන පරිදි ප්‍රමාණවත් වැටුපක් ගෙවන හෙයින් ඊට අමතරව කිසිවකු විසින් හෝ ලබා දෙන කිසිවක් පිළි නොන්නා ලෙස රාජ්‍ය සේවකයින් වෙත දැනුම් දී ඇතැයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

යම් රාජ්‍ය සේවකයෙක් වැටුපට අමතරව සම් ප්‍රදානයක් ලබාගත හොත් ඒ හරහා වෙනත් සබඳතාවන් ගොඩනැගී සිය රාජකාරිය පවා හරිහැටි සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතැයි ද, එය රාජ්‍ය සේවකයකුට අවංක සේවාවක් ලබාදීමේ දී තරම් නොවනු ඇති බවද සඳහන් කර තිබේ.

රාජ්‍ය සේවකයන් වෙත මෙම නව නිර්දේශ ඒ ඒ ආයතන ප්‍රධානීන් විසින් ලබාදී ඇත්තේ අවංක හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීමේ ජනාධිපතිවරයාගේ අදහසට අනුව බවද දැනගන්නට ලැබේ.

මේ සඳහා ආදර්ශයක් සපයමින් 2020 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ව්‍යාපාරිකයන් එවා තිබූ සියලුම ත්‍යාගයන්ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයිද සඳහන්.
එම තත්ත්වය ආදර්ශයට ගනිමින් රාජ්‍ය සේවකයින්ට මෙම උපදෙස් ලැබී ඇති බවද සඳහන්.

About EtheraTV2018

Check Also

එම්සීසි ගිවිසුම මෙරට නීතියට පටහැනියි… ව්‍යවස්‌ථාවේ ඇතැම් වගන්ති උල්ලංඝනය වෙලා…. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ නෑ….

එම්සීසි ගිවිසුම මෙරට නීතියට පටහැනියි… ව්‍යවස්‌ථාවේ ඇතැම් වගන්ති උල්ලංඝනය වෙලා…. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට …

තාත්තා ගැයූ ගී ජනපි‍්‍රය කරන්න තව කවුරුවත් වුවමනා නැහැ….. දුව වයංගා කතා කරයි …

තාත්තා ගැයූ ගී ජනපි‍්‍රය කරන්න තව කවුරුවත් වුවමනා නැහැ….. දුව වයංගා  කතා කරයි … 80 …