Home / ETHERA TV PROGRAMMES / රවී මුදල් ඇමති ලෙස රජයේ මුදල් රු.කෝටි 1100ක් වංචා කළ බව වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි ….

රවී මුදල් ඇමති ලෙස රජයේ මුදල් රු.කෝටි 1100ක් වංචා කළ බව වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි ….

රවී මුදල් ඇමති ලෙස රජයේ මුදල් රු.කෝටි 1100ක් වංචා කළ බව වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිවෙයි …

බැඳුම්කර ගනුදෙනුවේදී රවී කරුණානායක මහතා රාජ්‍ය බැංකු වලට බැඳුම්කර ලබාදීම වළක්වා ඒවා පර්පචුවෙල් ට්‍රෙසරීස් වෙත ලබා ගැනීම සඳහා දියත් කළ ඉතා කූට වැඩපිළිවෙල පිළිබඳව වෝහාරික විගණන වාර්තාවෙන් අනාවරණය වේ. එම වාර්තාවට අනුව,

2016 මාර්තු 28 බැඳුම්කර වෙන්දේසියට දිනකට පෙර ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ලංකා බැංකුව හා මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ හදිසි රැස්වීමකට කැඳවන ලදී.

මුදල් අමාත්‍යවරයා මෙහෙදී එම බැංකු නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පවසා සිටියේ හෙට දිනයේ පැවැත්වෙන බැඳුම්කර වෙන්දේසියේදී එවකට බැඳුම්කර සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන පොළියට වඩා ඉතා පහල පොළී අනුපාතිකයක් ඉල්ලා සිටින ලෙසයි.

මෙහෙදී බැංකු ත්‍රිත්වයේම නිලධාරීන් විරෝධය ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රාථමික වෙළෙන්දන් විසින් ඊට වඩා ඉහළ පොලී අනුපාතිකයක් ලබාදීමට සූදානම් බව පැවසුවහොත් ඇතිවිය හැකි බරපතල තත්වය පිළිබඳවයි. එයට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා පවසා සිටියේ එවැන්නක් සිදු නොවීමට තමන් වගබලා ගන්නා බවත් ඊට ඉහළ අනුපාතයක් මහා බැංකුව භාර නොගන්නා බවත්ය.

නමුත් වෙන්දේසිය අවස්ථාවේ සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. වඩාත් ඉහල අනුපාතයක් ඉදිරිපත් කළ පර්පචුවල් ට්‍රේසරීස් වෙත මහා බැංකුව වැඩිපුර බැඳුම්කර ප්‍රමාණයක් ලබාදෙන ලද්දේ රජයට රු.කෝටි 1100ක පාඩුවක් සිදු කරමිනි.

About EtheraTV2018

Check Also

ඊජිප්තුව: වසර 2500කට අධික කාලයක් මිහිදන්ව පැවති මිනී පෙට්ටි 27ක් …

ඊජිප්තුව: වසර 2500කට අධික කාලයක් මිහිදන්ව පැවති මිනී පෙට්ටි 27ක් … වසර 2500කට අධික කාලයක් …

කොරෝනා වෛරස් වසංගතය හමුවේ ඉන්දියාවේ ළමා විවාහ ඉහළට: ‘මගේ නැන්දයි ආච්ච්යි මට බඳින්න බල කළා’

කොරෝනා වෛරස් වසංගතය හමුවේ ඉන්දියාවේ ළමා විවාහ ඉහළට: ‘මගේ නැන්දයි ආච්ච්යි මට බඳින්න බල කළා’ …