Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න / කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේ

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේ

මෙම එන්නත නිපදවීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය, කොවිඩ් -19 වෛරසයට මූලික වන සාර්ස්-කෝවි -2 හි ජානමය ද්‍රව්‍ය අනුපිළිවෙලට සකස් කිරීම සඳහා චීනය සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටී. චීනය එම ජාන අනුක්‍රමය ජනවාරි මස මුලදී එන්නත නිපදවීමට පර්යේෂණයේ නියුතු සමාගම් සමඟ බෙදා ගත් අතර ලොව පුරා පර්යේෂණ කණ්ඩායම්වලට සජීවී වෛරසය වර්ධනය කිරීමට සහ එය මිනිස් සෛල ආක්‍රමණය කර මිනිසුන් රෝගාතුර කරන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීමට ඉඩ ලබා දුන්නේය.

ලෝකයට තර්ජනයක් වන මීළඟ බෝවන රෝගය කිරීටක වෛරසයක් මගින් සිදුවනු ඇතැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකි වුවද – උණ සාමාන්‍යයෙන් විශාලතම වසංගත අවදානමක් ලෙස සැලකේ. කොරෝනා වෛරසය මඟින් මෑතකදී වසංගත දෙකක් ඇති වී තිබේ. එම වසංගත නම් 2002- 2004 කාලයේදී චීනයේ ඇති වූ දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (සාස්) සහ 2012 දී සෞදි අරාබියේ ආරම්භ වූ මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (මර්ස්)ය. මෙම අවස්ථා දෙකෙහිම එන්නත එන්නතක් නිපදවීමේ කටයුතු ආරම්භ වී පසුව අත්හිටුවන ලදී.

සියලුම එන්නත් එකම මූලධර්මය අනුව ක්‍රියාත්මක වේ. එන්නතක් මඟින් සිදුවන්නේ රෝගකාරක වෛරසය එන්නත් ස්වරූපයෙන් සහ අඩු මාත්‍රාවකින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුළු වී
රෝග කාරකයට ප්‍රතිදේහ නිපදවීමට පද්ධතිය පොළඹවා ගැනීමට උදව් වීමය.
(ද ගාඩියන්)

About EtheraTV2018

Check Also

පුතා කොවිඩ් දුව කොරෝනා ලෙස දරුවන්ට නම් තබයි

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමගම එම පුද්ගලයා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබූ බැවින් …