Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න / ඉඩම් ආරවුලකට බහින්බස් වී හිටපු පාපැදි ශූරයාට මැරෙන්නම පහර දීලා

ඉඩම් ආරවුලකට බහින්බස් වී හිටපු පාපැදි ශූරයාට මැරෙන්නම පහර දීලා

ඇඳිරි නීති කාලසීමාවේ ඉඩම් ආරවුලක් සම්බන්ධව ඇතිවූ කථාබහක් දුරදිග යෑමෙන් පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව පයාගල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පයාගල හල්ක`දවිල ප‍්‍රදේශයේ පදිංචිව සිටි යූ.ඩබ්ලිව්.ඒ. රත්නසිරි නමැති 53 හැවිරිදි පුද්ගලයෙක් වන බවත් ඔහු ශී‍්‍රලංකාවේ හිටපු නමගිය පාපැදි ශූරයෙක් බවත් පැවසේ.

ඉඩම් ආරවුල සම්බන්ධයෙන් ඇතිවූ කථා බහේදී අසල නිවසක පිය පුතු දෙපළක් මියගිය පුද්ගලයාට පොල්ලකින් මුහුණට සහ හිසට පහරදී ඇති අතර ඊට පෙර මියගිය පුද්ගලයා උදැල්ලකින් කළ පහරදීමෙන් විරුද්ධ පාර්ශවයේ පියාද රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.

පහරදීම සම්බන්ධයෙන් පිය පුතු යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පොල්ලද සොයාගෙන තිබේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න කොට්ඨාස භාර පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් පරිදි පයාගල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව් ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වති.

About EtheraTV2018

Check Also

බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගන්නවා …

බෞද්ධ විශ්වවිද්‍යාල අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගන්නවා … – අධීක්ෂණය රාජ්‍ය ඇමැතිට ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේදී …

ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර ඇරැඹීමට දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරනවා – නව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා …

ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාර ඇරැඹීමට දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරනවා – නව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා… කප්පම්කරුවන්ට …