Home / එතෙර TV වැඩිදුර නරබන්න මෙතැන CLICK කරන්න / පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක්

පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක්

වසංගතය හේතුවෙන් පැය 24ක් ඇතුළත 2,228 දෙනකු මරණයට පත්වීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 28,446ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

අඟහරුවාදා, එනම් ඊයේ (14) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා මරණ 2,228ක් වාර්තා විය. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන එය විය.

රොයිටර්ස් පුවත් සේවය අද (15) පස්වරු 5.40 වනවිට නිකුත් කළ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 607,794ක් විය.

ලොව තෙවැනියට වැඩිම ජනගහනයක් සිටින රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන වෙනත් ඕනෑම රටකින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන මෙන් තුන් ගුණයකි.

අවසන් වරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පසුගිය සිකුරාදා ය. එදින ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 2,069ක් විය. කොරෝනා වයිරසය හේතුවෙන් ඕනෑම රටකින් මරණ 2,000කට වඩා වැඩියෙන් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.

(055)

About EtheraTV2018

Check Also

ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි

ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි ඉතාලියේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන විට්ටෝරිඕ …

චීපයේ කොරෝනා අවසන් වන ලකුනු

Last makeshift hospital in Wuhan closes Masks off | Last makeshift hospital in Wuhan closes …