ශ්‍රී ලංකන් ගුවන් ගමන් අප්‍රියෙල් 30 තෙක් අත්හිටුවයිලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වසංගත රෝග තත්වය නිසා විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය වෙත පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද තම ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම අප්‍රියෙල් 30 දින දක්වා දීර්ඝ කර තිබේ .
එහෙත් ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම හදිසි අවශ්‍යතා මත විශේෂ ගුවන් ගමන් වාර ද ක්‍රියාත්මක වනු ඇත .
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සදහා ඔබගේ සංචාරක නියෝජිතයාගෙන් හෝ ළගම ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවා කාර්යාලයෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94117771979 දුරකථන අංකයට ඇමතීමෙන් ලබා ගන්නා ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය දන්වා සිටී.
කටුනායක ටී.කේ.ජී.කපි