Home / දේශීය පුවත් වැඩිදුර නරබන්න මෙතැන click කරන්න / නිරෝධායන පිරිසක් රැගෙන සාම්පූර් යද්දී බස්රථ දෙකක් වරකාපොලදී ලොරියක ගැටිලා.. ලොරියේ රියැදුරු එතැනමයි 29 කට තුවාල… එදින රාත‍්‍රියේම වරකාපොල නගරය විෂබීජහරණය කරයි!

නිරෝධායන පිරිසක් රැගෙන සාම්පූර් යද්දී බස්රථ දෙකක් වරකාපොලදී ලොරියක ගැටිලා.. ලොරියේ රියැදුරු එතැනමයි 29 කට තුවාල… එදින රාත‍්‍රියේම වරකාපොල නගරය විෂබීජහරණය කරයි!

වරකාපොළ සරත් ආනන්ද ලියනගේ අතිරේක වසන්ත කුමාර මාපා

 

busaci500

කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ වරකාපොල තැපැල් කාර්යාලය අසල දී පෙරේදා (15 වැනිදා* පස්වරුවේදී නිරෝධායන කටයුතු සඳහා පුද්ගලයන් රැුගෙන ගිය බස් රථ දෙකක් හා එළවළු ප‍්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයන් විසිනව දෙනෙකු තුවාල ලබා වරකාපොල මූලික රෝහලට ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වරකාපොල පොලිසිය පවසයි.

කොළඹ සිට සාම්පූර් දක්වා නිරෝධාන කටයුතු සඳහා පුද්ගලයන් රැුගෙන යමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථ දෙකක් හා දඹුල්ල ප‍්‍රදේශයේ සිට කොළඹ බලා එළවළු රැුගෙන එමින් තිබූ ලොරි රථයක් මෙසේ අනතුරට ලක්වී ඇති අතර ලොරි රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇත. මෙම අනතුරින් නාවික හමුදාවේ සෙබළුන් තිදෙනෙකුද තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

නිරෝධායන කටයුතු සඳහා රැුගෙන ගිය පිරිසක් අනතුරට ලක්වීම නිසා වරකාපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එදින රාත‍්‍රියේම වරකාපොල නගරය විෂබීජහරණය කිරීමක්ද සිදුකරන ලදී.

මෙම අනතුරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වරකාපොල පොලිසිය විසින් සිදුකරන ලදී.

About EtheraTV2018

Check Also

කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීමට සමාගම් 35 ක් පෙරමුණේ

කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ලෝකයේ සමාගම් 35ක් පර්යේෂණවල නිරතව සිටී. මෙම එන්නත නිපදවීම …

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොරෝනා ආසාධිතයකු හමුවීමත් සමගම එම පුද්ගලයා ප්‍රදේශයේ නිවාස රැසකට ගොස් තිබූ බැවින් …