Home / ETHERA TV PROGRAMMES / මැරඩෝනා: වෛද්‍යවරයාගේ නිවස සහ චිකිත්සාගාරය පොලිස් පරීක්ෂාවට …

මැරඩෝනා: වෛද්‍යවරයාගේ නිවස සහ චිකිත්සාගාරය පොලිස් පරීක්ෂාවට …

මැරඩෝනා: වෛද්‍යවරයාගේ නිවස සහ චිකිත්සාගාරය පොලිස් පරීක්ෂාවට …

Reuters

මනුෂ්‍ය ඝාතනයක් සිදු වී ඇත්දැයි සොයා බැලීම සඳහා දියාගෝ මැරඩෝනා ගේ වෛද්‍යවරයා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට ආජන්ටිනාවේ නීති බලධාරීහු පියවර ගත්හ.

ඒ අනුව, මැරඩෝනාගේ වෛද්‍යවරයාගේ නිවස සහ පෞද්ගලික චිකිත්සාගාරය පොලිසිය විසින් සෝදිසි කරනු ලැබ තිබේ.

ලෝක පාපන්දු තරුවක් වූ දියාගෝ මැරඩෝනා සැත්කමකට භාජනය කිරීමෙන් පසුව වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවී ඇත්දැයි මෙහිදී සොයා බැලෙනු ඇත.

එම සැත්කමෙන් අනතුරුව තම නිවසේ සුවය ලබමින් සිටියදී, 60 හැවිරිදි මැරඩෝනා මිය ගියේ හෘදයාබාධයකට ලක් වීමෙනි.

වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේ ට එරෙහිව තවමත් චෝදනා ගොනු කර නොමැත. තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බව ඔහු පවසයි.

මොළයේ තැන්පත් වූ රුධිර කැටියක් (brain blood clot) ඉවත් කිරීම සඳහා නොවැම්බර් මස මුලදී මැරඩෝනාට සිදු කළ සැත්කම සාර්ථක විය. එමෙන්ම, තදින් මත්පැන් පානයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතව තිබිණි.

පොලිස් භටයන් 20 දෙනෙක් පමණ වෛද්‍යවරයාගේ පෞද්ගලික චිකිත්සාගාරය වැටලූහ
පොලිස් භටයන් 20 දෙනෙක් පමණ වෛද්‍යවරයාගේ පෞද්ගලික චිකිත්සාගාරය වැටලූහ

වෛද්‍යවරයා ගැන පරීක්ෂණය

ඉරිදා උදෑසන වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේ ගේ නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් භටයන් 30 දෙනෙක් පමණ පැමිණියහ. තවත් පොලිස් භටයන් 20 දෙනෙක් පමණ වෛද්‍යවරයාගේ පෞද්ගලික චිකිත්සාගාරය වැටලූහ.

ආජන්ටිනාවේ නීති බලධාරීන් මෙම සෝදිසි මෙහෙයුම සඳහා නියෝග ලබා දී ඇත්තේ දියාගෝ මැරඩෝනා සිය නිවසේ ගත කළ අවසාන දවස පිළිබඳව පැහැදිලි තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ය.

මෙහිදී පොලිසිය විසින් පරිගණක, ජංගම දුරකථන සහ වෛද්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂා කරනු ලැබ ඇතැයි බලධාරීහු පැවසුහ.

සැත්කමෙන් අනතුරුව නිවසේ සුවය ලැබීම සඳහා චිකිත්සාගාරයෙන් පිටත් කර හැරීමේ දී ඊට අවශ්‍ය පහසුකම් සපයා ඇත්දැයි යන්න පිළිබඳව සැක පහළ වී තිබේ.

මතට ඇබ්බැහි වූවකු වෙනුවෙන් කටයුතු කිරීම සඳහා විශේෂඥ දැනුමක් සහිත හෙද සේවාවක් පැය විසිහතර පුරාවටම ක්‍රියාත්මක වන පරිදි යෙදවීම, හදිසි අවස්ථාවක සේවය සඳහා වෛද්‍යවරයෙකු රාජකාරියේ යෙදවීම සහ හෘදයාබාධයකදී නැවත හෘදය ක්‍රියාත්මක කරවීම සඳහා යොදා ගන්නා උපකරණ සහිත ගිලන් රථයක් යෙදවීම වැනි කාරනා පිළිබඳව මෙහිදී සළකා බැලෙනු ඇත.

මැරඩෝනා නැවත සුවපත් කිරීම සඳහා සිය නිවසට අවශ්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් මෙම වෛද්‍යවරයාගේ මැදිහත්වීම පිළිබඳව තොරතුරු බලධාරීන්ට දැනගැනීමට අවශ්‍යව තිබේ.

BBC
වෛද්‍ය ලියෝපොල්දෝ ලුකේ මාධ්‍ය හමුවේ දී ඉතා හැඟීම්බර විය

දියාගෝ මැරඩෝනා ගේ වෛද්‍යවරයා ඉරිදා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ඉතා හැඟීම්බර විය. ඔහු හඬමින් කියා සිටියේ තම මිතුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කළ හැකි සියල්ල කළ බවයි. මැරඩෝනා මෑතක සිට ඉතා දුකින් සිටි බව ද වෛද්‍ය ලුකේ තවදුරටත් කියා සිටියේය.

වරෙක ඔහු මාධ්‍යවේදීන් වෙත වාග්ප්‍රහාර එල්ල කළේය: “නුඹලාට අවශ්‍ය මම වග කියන්න ඕන මොනවටද කියලනේ? ඔහුට ආදරය කලාට, ඔහුව රැකබලා ගත්තාට, ඔහුගේ ජීවත් වන කාලය දිගු කලාට, අවසානය දක්වා ඔහුගේ ජීවිතය වඩා යහපත් තත්වයකට පත් කලාට.”

බලධාරීන්ගේ සැලකිල්ලට භාජනය වී ඇති ඇතැම් කරුණු පිළිබඳව කතා කරමින් වෛද්‍යවරයා පල කළ අදහස් හේතුවෙන් ඔහුට නියම වී තිබූ රාජකාරිය කුමක් ද යන්න පිළිබඳව ගැටළු මතු වී තිබේ.

“ඔබ මගෙන් ඒ ගැන අහනවනම්, මම ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්. මගේ රාජකාරිය ඉවරයි. මම ඔහු වෙනුවෙන් කළ යුතු දේ කරල ඉවරයි.” වෛද්‍ය ලුකේ එසේ පැවසුවේ නොවැම්බර් මස මුලදී සිදු කළ මොළයේ සැත්කමට අදාලව ය. එමෙන්ම, මැරඩෝනා සුවපත් වෙමින් සිටි කාලය තුළ නිවසට අවශ්‍ය පහසුකම් සැලසීම තමන්ගේ වගකීමක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

“ඔහු ඉතා දුකින් හිටියේ”

“ඔහු (මැරඩෝනා) පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යා යුතුව තිබුනා. ඔහු කැමති වුනේ නැහැ.” වෛද්‍ය ලුකේ තවදුරටත් අදහස් පල කරමින් මැරඩෝනා හඳුන්වනු ලැබුවේ “පාලනය කළ නොහැකි” පුද්ගලයෙකු ලෙසිනි.

හෘදය වස්තුව නැවත පන ගැන්වීම සඳහා අවශ්‍ය කරන උපකරණයක් නිවසේ නොතිබීමට හෝ ගිලන් රථයක් මැරඩෝනා ගේ නිවස ඉදිරිපිට නොතිබීම පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න තමන් නොදන්නා බව ද වෛද්‍ය ලුකේ පැවසීය.

වෛද්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මෙසේ ද පැවසීය: “ඔහු (මැරඩෝනා) ඉතා දුකින් හිටියේ. ඔහුට තනි වෙන්න ඕන වුනා. ඒ ඔහුගේ දියණියන්ට, පවුලේ අයට හෝ ඔහු වටා සිටි අයට ආදරයක් නැති නිසා නොවෙයි.”

මැරඩෝනා මෙතරම් ජනප්‍රිය ඇයි?

පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන ඔහු බාර්සිලොනා සහ නාපොලි ඇතුළු පාපන්දු සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ආජන්ටිනාව 1986 ලෝක පාපන්දු කිරුල දිනා ගන්නා විට ඔහු එහි නායකත්වය දැරීය. එංගලන්තයට එරෙහි අර්ධ අවසන් පූර්ව වටයේදී ඔහු “Hand of God” ලෙස පසුව ප්‍රසිද්ධියට පත් ගෝලය වාර්තා කළේය.

‘පොඩි මිනිසා’

මේ අසහාය ‘පොඩි මිනිසා’විසින් තරඟ 491 කදී රැස් කරනු ලැබ ඇති ගෝල සංඛ්‍යාව 259 කි.

කුඩා වියේදීම ක්‍රීඩාවේ ආශ්චර්යමත් දක්ෂතා විදහා දැක්වූ මැරඩෝනා සිය මංගල ජාත්‍යන්තර තරඟයට සහභාගි වන විට අවුරුදු 16 ක කොලු ගැටයෙකි.

අඩි 5 අඟල් 5 ක් උසින් යුත් ඔහු සාමාන්‍යයෙන් ඔබ බලාපොරොත්තු වන ආකාරයේ දේහදාරී ක්‍රීඩකයෙකු නොවීය.

1982 ලෝක කුසලානයේ මැරඩෝනා සමග ක්‍රීඩා කළ, ටොටනැම් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩක ඔසී ආදිලිස් කියා සිටියේ, ආජන්ටිනාව, නේප්ල්ස් සහ ලොව පුරා ඔහු “දෙවියෙකු” වශයෙන් සැලකුණු බවය.

About EtheraTV2018

Check Also

එම්සීසි ගිවිසුම මෙරට නීතියට පටහැනියි… ව්‍යවස්‌ථාවේ ඇතැම් වගන්ති උල්ලංඝනය වෙලා…. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාවක්‌ නෑ….

එම්සීසි ගිවිසුම මෙරට නීතියට පටහැනියි… ව්‍යවස්‌ථාවේ ඇතැම් වගන්ති උල්ලංඝනය වෙලා…. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට …

තාත්තා ගැයූ ගී ජනපි‍්‍රය කරන්න තව කවුරුවත් වුවමනා නැහැ….. දුව වයංගා කතා කරයි …

තාත්තා ගැයූ ගී ජනපි‍්‍රය කරන්න තව කවුරුවත් වුවමනා නැහැ….. දුව වයංගා  කතා කරයි … 80 …